Wednesday, June 23, 2010

කළාකරුවාණෙනි......................










මේ තරම් සියුමැලිද කලුගල්
හිතන්නට වත් බැරිනිසා
මම ගියා අවුකන බුදුන්ටත් 
දෑස් දුන් මිනිසා සොයා


කලාවැව ලග ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක්  එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා


ඉසුරැමුණියේ නුඹ තැනු
පෙම්බරිය කොතැනද කියා
මා ඇසු විට හිනැහුනා ඔහු 
තවම තනිකඩ යැයි කියා


ගායනය : සුනිල් එදිරිසිංහ
Kalakaruwaneni / Sunil Edirisinghe

2 comments:

  1. මෙම ගීතය පිළිබදව අදහස් ලියන්න..........................

    ReplyDelete
  2. කලුගලකට ජිවය දුන් අටලෝ දහම මේ යැයි වටහාගත්
    අතිත කලාකරුවා ඔහුගේ සැදෑ යාමය
    තුල නැවත සම්මුඛව විමසා බැලිමක්‍ ලෙස මම මේ ගිතය දකිමි.

    අනිත්‍ය අනාත්ම හා දුක්ඛ වටහාගත් කලා කරුවා තමාන්
    වෙත යොමු කෙරෙන පැනයට සිනාවෙන් කදිම පිලිතුරක් සැපයිම
    තුලින් ජිවිතය දෙස නැවත විමසිමකට අපව යොමුකරනු සෙයක් මට දැනේ.

    ReplyDelete