Sunday, June 27, 2010

අහස ගුගුරා......












අහස ගුගුරා අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු උනා

වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි

කාලයක් නැති තාලයක් නැතී
විජිතයේ......කටු ඔටුනු හැර යමි
කාලයක් අපි ආදරෙන් සිටි
සොදුරැ මතකය අරන් යන්නෙමි


වසාගන් ‍දොර......


බැන්ද රන්දම් මගේ ගෙල වට
මුදා විසි කොට අඩන අහසට
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි


වසාගන් දොර.......

ගායනය :නන්දා මාලිනි
සංගීතය : නදීක ගුරුගේ
Ahasa Gugura / Nanda Malini / Nadeeka Guruge 

1 comment:

  1. "උඹ තවදුරටත් ඔය මතේද ඉන්නේ

    හරි අදින් පස්සේ උඹව මට ඕනේ නෑ

    පළයන් යන්න මගේ දෑහට නොපෙනි.................."

    ReplyDelete