Friday, July 30, 2010

බමුණා වුණත්...

බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ
සැඩොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ

හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ


බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ
දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ

වැදි බණ මැදින් මුනි බණ ‍තෝරා අසනූ
වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ


සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ

කසයෙන් තලා හිස පළඳා ක‍ටු ඔ‍ටුනූ

ජනයා අබිමුවේ උන් නිරුවත් කරනූ


රජෙකුගෙ වුවත් වරදට කෑ මොර ගසනූ
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනූ

නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනූ

වරදට කිපෙනු සටනට වැද ජය ලබනූ



Monday, July 26, 2010

අම්මාවරුනේ..














අම්මාවරුනේ.. අම්මාවරුනේ..
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන් ගේ දුක් කඳුළු දකින දා
සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා


අම්මාවරු නැති දරුවන්නේ..
සංකා දුක් කවුදෝ දන්නේ..
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ


අම්මාවරුනේ.. අම්මාවරුනේ..


සෙනෙහස වැඩි දා සිතද බොළඳ වේ
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනි වූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ.. //


අම්මාවරුනේ.. අම්මාවරුනේ..
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන් ගේ දුක් කඳුළු දකින දා
සුරලොව සිට අතපා ඒ කඳුලැලි පිසිනා


අම්මාවරුනේ.. අම්මාවරුනේ..

ගායනය: නන්දා මාලනී
Ammawarune / Nanda Malini 

Friday, July 23, 2010

දුකේදි හැඩුමට........

Eye, don't cry















දුකේදි හැඩුමට සැපේදි
සිනාසෙන්නට ළග ඉදන් 
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා
සොදුරියේ නුඹයි ඒ අම්මා


අහස මෙන් ලත් චෝදනා
පොළොව මෙන් දුක් උහුලනා //
මැණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදිලා
සොදුරියේ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජ වීලා


දුකේදි හැඩුමට......

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා //
තනා ටජ් මහලයක් පිවිතුරූ සෙනෙහෙ ගං තීරේ
සොදුරියේ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරේ


දුකේදි හැඩුමට......

ගායනය : ටි. එම්. ජයරත්න 
Dukedi Hadumata / T. M. Jayarathne
 

හන්තානට පායන හද........

Full Moon














හන්තානට පායන හද 
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හද
ඔබට හැකිය දකින්න //

අදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න //
කුඩේ යටින් ඔබ යන කල
ඒපා තනිය දැනෙන්න


ලතා මඩුළු අත වනාවී
එපා අහක බලන්න //
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න


හන්තානට පායන........ //


ගායනය : අමරසිරි පිරිස්
Hanthanata Payana / Amarasiri Peiris

Thursday, July 22, 2010

ළඳුනේ ……….

Arabian Eyes


ළඳුනේ ………. ළඳුනේ ………….

ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය -
ප්‍රේමසිරි කේමදාස
ගායනය  - අමරසිරි පීරිස්

Ladune / Amarasiri Peiris 



Sunday, July 18, 2010

ඇරඹුමම කදුලක් වේලා...................

The young asian girl


ඇරඹුමම කදුලක් වේලා...
මා බලා ඉද්දි ඒ දිහා
ආදුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා //

දුක් බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා //
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ශෝකාන්තය එනතුරා
එහි රැදෙන්නට සිත් නැති නියා //
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුමම කදුලක් වේලා...

ගායනය : කසුන් කල්හාර 
Arabumama Kandulak Wela / Kasun Kalhara



Enhanced by Zemanta

Wednesday, July 14, 2010

වහින්නට හැකිනම් ගිගුම් දී................................

Smiling kids, Rameswaram











වහින්නට හැකිනම් ගිඟුම් දී
වියළි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්

රැදෙන්නට හැකිනම් ළමා කැළ
හ‍ඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙලාගත හැකි වන මලක් වී



වහින්නට හැකිනම් ගිඟුම් දී...............

නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සැබෑ වන සුභ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී

වහින්නට හැකිනම් ගිඟුම් දී..............

ගායනය : නන්දා මාලිනි
Wahinnata Hakinam / Nanda Malini




අහස නුඹ මෙතරම්............

Thunder Storm over the Aiguiiles de Chamonix









අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනේ මහ වැසි වැටුණාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනේ නියඟය ආවමයි  //


රෑට තරු ඉසිනා අහසට
අදුරු සිත් ලැබුනේ කොහොමද //
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිබින් ලැබුණිද


අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනේ මහ වැසි වැටුණාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනේ නියඟය ආවමයි

නීල ඉදුවර පෑ අහසට 
කදුලු වැසි දුන්නේ කවුරුද //
පළා පැහැ ඉසිලු මිහි මත
නියං ඇතිරූයේ කවුරුද


අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනේ මහ වැසි වැටුණාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනේ නියඟය ආවමයි


ගායනය : දීපිකා ප්‍රියදර්ශනි පිරිස් 
Ahasa Nuba Metharam / Deepika Priyadarshani


Tuesday, July 13, 2010

කිරි අම්මාවරු.........













කිරි අම්මාවරු දනට වඩිනවා 
කිරි සුවදයි මුලු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතනුවනේ 
මා සිත රිදෙන නිසා


නැත නිදිවරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විදලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇග ලේ කිරි කර නැත පොවලා


කිරි අම්මාවරු දනට වඩිනවා 
කිරි සුවදයි මුලු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතනුවනේ 
මා සිත රිදෙන නිසා

නුඹගෙන්  දරු සුරතල් බැලුවා මිස 
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහිකර කිරි මව වීලා


කිරි අම්මාවරු දනට වඩිනවා 
කිරි සුවදයි මුලු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතනුවනේ 
මා සිත රිදෙන නිසා

ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
Kiri Ammawaru / Chandraleka Perera



ප්‍රේම තටාකේ............


















ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ //
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරේ වදින්නේ


ප්‍රේම තටාකේ..............

මගේ පෙම් කෝකිලයෝ ඔබේ ගීයේ
තාලේට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක් හැපෙනවා දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ


චම්පා චම්පා කියලයි ‍මැණිකේ
ඕලු මලේ අර පෙති නැටවෙන්නේ //
ඔබේ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි
මාලු පැටවු මේ දිවගෙන එන්නේ

ප්‍රේම තටාකේ..............

හිමියනි ඔබගේ පුළුලුර තලයේ හි
වැව් ඉවුරේහි නැහැ වෙනස පෙනෙන්නේ
මගේ පෙම් දහරයි සීතල ජලයයි
එක විදිහට නොවැ පිරි තිබෙන්නේ


අනාගතේ මෙහි පෙම් රස විදිනා
හදවත් වලටයි රසය දැනෙන්නේ //
එකයි මැණිකේ  මේ වැව දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ


ප්‍රේම තටාකේ..............

ගායනය ‍‍: ඩබ්. ඩී. අමරදේව සහ රෂ්මි සංගීතා 
Prema Thatake / Amaradewa / Rashmi Sangeetha

කන්දේ ලන්දේ ගගුලැල්ලේ.....................










කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //


වෙල්යායේ දොල පාරේ නිල්වන් ජලාසේ
ගං තීරේ ගුරුපාරේ සිරි දෙව් සිනාසේ //

ඒ මව් තුරුල්ලේ  සුරූපී යොවුන් ලාලනී
සංකේත වු වාසනාවේ ගම්මානේ


කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //

අල හේනේ රැක් සෙවනේ ගෙපැලේ විහාරේ
පුජාවේ බෙරනාදේ ගැමි ගීත රාවේ //

මා පුංචි කාලේ  ලැබු ආ‍දරේ සුන්දරත්වේ
යයිදො නවොදෙන් මැකීලා ගම්මානේ


කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ
මනබැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ //

ගායනය : රෝහණ බැද්දගේ 
Kande Lande / Rohana Baddage