Thursday, July 22, 2010

ළඳුනේ ……….

Arabian Eyes


ළඳුනේ ………. ළඳුනේ ………….

ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය -
ප්‍රේමසිරි කේමදාස
ගායනය  - අමරසිරි පීරිස්

Ladune / Amarasiri Peiris 



1 comment:

  1. බොහොම ස්තුතියි !!!
    මම ගොඩාක් ආස සින්දුවක්,
    අමරසිරි පීරිස් මහතාගේ තවත් ලස්සන සිංදු ඕන යාළුවා

    ReplyDelete