Wednesday, July 14, 2010

වහින්නට හැකිනම් ගිගුම් දී................................

Smiling kids, Rameswaram











වහින්නට හැකිනම් ගිඟුම් දී
වියළි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්

රැදෙන්නට හැකිනම් ළමා කැළ
හ‍ඬන දෙතොලඟ සිනාවක් වී
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙලාගත හැකි වන මලක් වී



වහින්නට හැකිනම් ගිඟුම් දී...............

නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සැබෑ වන සුභ සිහිනයක් වී
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පුබුදන ගීතයක් වී

වහින්නට හැකිනම් ගිඟුම් දී..............

ගායනය : නන්දා මාලිනි
Wahinnata Hakinam / Nanda Malini




4 comments:

  1. ලස්සන ගීත එකතුවක්....සුභ පැතුම් :)

    ReplyDelete
  2. පිපෙන්නට හැකිනම් "තුරින් තුර"

    ReplyDelete
  3. බොහොම ස්තුතියි.....................

    ReplyDelete
  4. "වහින්නට හැකිනම්...."
    පොඩි කාලෙදිම ළමයෙක්ගේ හිතට දාන්න ඕනි හැගීමක් මේ ගීතයෙන් කියවෙනව! :)

    ReplyDelete